තරුණයන් 11ක් පැහැරගත් සිද්ධියේ සාක්ෂිකරුට තර්ජන

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරිමේ සිද්ධියේ සාක්ෂිකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් ලක්සිරි මහතාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඉදිරියේදීම මෙසේ තර්ජනය කර ඇති බවයි.
වත්මන් ආරක්ෂක මාණ්ඩලක ප්‍රධානියා වන හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට මෙම පැහැර ගැනීමේ සිද්ධියේ චූදිතයකුට රැකවරණ සැලසූ බවටයි චෝදනා එල්ලවී ඇත්තේ.