තවත් කොරෝනා මරණ 186ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඊයේ දිනයේ දීයි මෙම මරණ තහවුරු කර ඇත්තේ.
මෙම මරණ 186ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 6,790ක් දක්වා ඉහළගොස් තිබුණා.
එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාවයි.
ඒ අතර කාන්තාවන් 75 දෙනෙකු ද පිරිමි පුද්ගලයින් 111 දෙනෙකුද වනවා.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 147 දෙනෙකු සිටින අතර වයස අවුරුදු 30ට අඩු පිරිමි පුද්ගලයින් 3 දෙදෙනෙකු සහ එක් කාන්තාවක් ද සිටින බව සෞඛ්‍ය අංශ නිකුත්කළ නිවේදනයේ සදහන්.