තවත් කොරෝනා මරණ 23ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (05) තහවුරු කර ඇති බවයි.
අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී තිබෙනවා.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 15,595ක්.