තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කර තිබෙනවා.
යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ, නාම්පමුණුව, ගොරකපිටිය ග්‍රාම නිලධාරී වසම්, අම්බලන්ගොඩ – ගොඩහේන සහ තල්ගස්ගොඩ ග්‍රාම නිලධාරී වසම්, දෙහිඅත්තකණ්ඩිය – දෙහිඅත්තකණ්ඩිය, කදිරාපුර ග්‍රාම නිලධාරී වසම්, කලවාන – හපුගොඩ ග්‍රාම නිලධාරී වසම එලෙස හුදකලා කර ඇති බවයි.
කොරොනා රෝගීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙම පියවර ගත් බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.