චීනයේ නිෂ්පාදිත සයිනොවැක් එන්නතටද මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අද අනුමැතිය ලබාදී තිබෙනවා.
ඒ අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමත කළ සියලු කොවිඩ් මර්දන එන්නත් සඳහා මෙරට අනුමැතිය ලැබී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසුවේ.