තවත් පිල් මාරුවක් අත ළග- සාකච්ජා දිගටම

පවත්නා දේශපාලන අර්බුධය තවත් උග්‍ර වන මට්ටමක් කරා ගමන් කරන්නේ නම් තවත් ප්‍රබල දේශපාලන පිල් මාරුවක් සිදුවීමේ හැකියාවක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව ප්‍රධානතම දේශපාලන පක්ෂයක අනුරාධපුරය / මොණරාගල / කෑගල්ල හා ගම්පහ දිස්ත්‍රික්කවල සැලකිය යුතු මන්ත්‍රීන් පිරිසක් පිල් මාරුවකට සූදානමින් සිටින බවයි එම වාර්තා හෙළිකරනු ලබන්නේ.
මේ වන විට නව දේශපාලන සන්ධානයක් බිහිවීමේදී සිය ප්‍රධාන පක්ෂයට සිදුවිය හැකි හානිය සැලකිල්ලට ගනිමින් ඔවුන්  මෙම තීරණය ගැනීමට නියමිත අතර බලවත් කාන්තාවක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරමින් පවතින බවද එම අනාවරණයේ දැක්වෙනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ අගමැති ධූරය / ජනමත විචාරණයක් කැදවීම හෝ ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණයකට අවසර ලබාදීම වැනි යමක් සිදුවුවහොත් අදාළ පිල් මාරුව ක්‍රියාත්මක කිරීමට කොලඹදී සාකච්ජා පවත්වමින් පවතින බවද එම වාර්තා හෙළිකරනවා.