තායිවානය නිදහස් රටක් බවට පත්වීමට තැත් කිරීමේ ප්‍රතිඵලය යුද්ධයක් විය හැකි බව චීනය අනතුරු අඟවනවා.
චීනයේ ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක , වූ කියෑන් මාධ්‍ය හමුවක් අමතමින් මේ බව අවධාරණය කළා.
චීනය තායිවානයේ කොටසක් වන අතර එරටට ස්වාධීන වීමට ඉඩ නොතබන බවයි චීනය පවසන්නේ.
මේ අතර තායිවානය ආරක්ෂා කිරීමට බව පවසමින් විදේශ හමුදා දකුණු චීන මුහුදුට ගෙන්වා ගැනීම තායිවානයට අහිතකර විය හැකි බව ද ඔහු පැවසුවා.
චීනයට එරෙහිව කලාපයේ අවි දල්වන්නා එම අවි වලින්ම වැනසී යනු ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා අවධාරණය කළේ.
මේ අතර අමෙරිකාව ද දැඩිව අවධාරණය කර ඇත්තේ තායිවානයේ ආරක්ෂාව වෙනුවෙන් පූර්ණ වශයෙන් කැපවන බවයි.
හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට එරෙහිව ගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය නිවැරදි බව ද අමෙරිකාවේ නව රාජ්‍ය ලේකම්වරයා අවධාරණය කර තිබෙනවා.