තිස්ස වැවේ වැලි සහ රොන්මඩ ඉවත් කරන්න ලිඛිත අවසරයක්

තිස්සමහාරාම වැවේ වැලි සහ රොන් මඩ ඉවත් කිරීමේ කටයුතු සදහා ලබන සදුදා සිට ලිඛිතව අවසර ලබා දීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිඛෙනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා මේ බව ප්‍රකාශ කළා.

තිස්ස වැව ආශ්‍රිතව සිදුකළ ස්ථානීය පරීක්ෂාවකින් පසුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

අදාළ ස්ථානීය පරීක්ෂාව සදහා පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ඔහු පත්කළ විශේෂඥ කමිටුව ද සහාභාගි වියග

මෙම කමිටුව දෙපාර්තමේන්තුවේ ගවේෂණ අධ්‍යක්ෂල ප්‍රධාන පුරාවස්තු විශ්ලේෂක සහ දකුණු පළාත් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂකවරියගෙන් සමන්විතයි.

තිස්සමහාරාම වැවේ වැලි සහ රොන් මඩ ඉවත් කිරීම ශ්‍රී ලංකා – චීන හවුල් සමාගම ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වන බවට මාධ්‍ය මගින් අනාවරණ කර තිබුණා.

පසුගිය අදාළ ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවූ අතර ඒ පිළිබද සොයා බැලීමට කමිටුවක් පත් කරනු ලැබුවා.

පුවත යවන්න