තේරීම් කාරක සභාව ගැන තීරණය 9ට / පාර්ලිමේන්තුව 10.30ට රැස්වේ

අද පෙරවරු 9ට පාර්ලිමේන්තු සංකීරණයේදී පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ මන්ත්‍රීවරුන් 16 දෙනකුගෙන් යුතුව ඉදිරිපත්ව ඇති නාම යෝජනා අතරින් මන්ත්‍රීවරුන් 12 දෙනකු තේරීම් කාරක සභාවට පත් කර ගැනීම සදහා අවසන් එකගතාවයකට පැමිණීම සදහායි.
මේ වන විට නිදහස් සන්ධානයෙන් මන්ත්‍රීවරුන් 7ක් , එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 5 ක් හා දෙමල සන්ධානයෙන් / ජනතා විමුක්ති පෙරමුණෙන් නාම යෝජනා 2ක බැගින් මේ සදහා ඉදිරිපත්ව තිබෙනවා.
කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව පවසමින් එක්සත් ජාතික පක්ෂය හා නිදහස් සන්ධානය තේරීම් කාරක සභාවේ බහුතරය අපේක්ෂා කර තිබෙනවා.
අද පෙරවරු 10 යි 30 ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
කෙසේ වෙතත් මෙම තේරීම් කාරක සභාවට පත් කිරීම් හේතුවෙන් ගැටලුකාරී තත්ත්වයන් මතුවිය හැකි බවටයි අදහස් පලවන්නේ.
අද දිනයේදීත් පාර්ලිමේන්තුව මහජනයාට හා තානාපති අංශවලට තහනම් කර තිබෙනවා.