දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමෆෝසාට දෝෂාභියෝගයකට මුහුණ දීමේ අවධානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරනවා.
2020 වසරේදි දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් රමෆෝසාට අයත් ගොවිපළක ඇමෙරිකා ඩොලර් මිලියන 4ක මුදලක් සම්බන්ධයෙන් තොරතුරු සැගවීම පිළිබද ස්වාධීන පරීක්ෂණයක් සිදු කෙරුණු අතර එහි වාර්තාව අද නිකුත් කෙරුණා.
චෝදනාවට ජනාධිපතිවරයා වරදකරු වී ඇතිබව විදෙස් මාධ්‍ය සදහන් කළද ජනාධිපතිවරයා සියලු චෝදනා ප්‍රතික්ෂේප කර තිබෙනවා. වර්තාව එරට පාර්ලිමේන්තුවට භාර දී ඇති අතර දෝෂාභියෝගය දියත් කරනවාද නැද්ද යන්න ඉදිරි සතියේ දී තීරණ කිරිමට නියමිතයි. සිරිල් රමෆෝසාට ජනාධිපති ධුරය සදහා 2024 වසරේ දි නැවත වරක් තරග කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ද පක්ෂය මෙතෙක් තීරණයක් ගෙන නැහැ. එම තීරණයට ද මෙම චෝදනාව දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවටයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.