දැන්වත් රට වැසීම සතුටක් / ජනතාවත් ආරක්ෂාවීම වැදගත් – ජේ සී අලවතුවල

ප්‍රමාදවී හෝ රට වැසීම ගැන සතුටු වෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.

රට වසන්නැයි ඉල්ලා සිටියේ දේශපාලන වාසි හෝ වෙන කිසියම් හෝ පෞද්ගලික අරමුණකින් නොවන බව පැවසූ මන්ත්‍රීවරයා රට වැසුණු කාලය ජනතාව උපරිම වශයෙන් ප්‍රයෝජන ගත යුතු බවද සඳහන් කළා.

ආණ්ඩුව කියනකම් නොසිට බොහෝ නගරවල වෙළෙඳ සල් හිමියන් සිය කඩසාප්පු ස්වේච්ඡාවෙන් වසා දැමූ බවත් ඔවුන් එසේ කටයුතු කළේ තමන්ගේ සහ ජනතාවගේ ජීවිත වෙළෙදාමට වඩා වැදගත් යයි සිතූ නිසා බවත් ජේ සී අලවතුවල මහතා කියා සිටියා.
මෙම වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා දේශපාලන අරමුණුවලින් තොරව විපක්ෂය පෙනී සිටින බවත් ආණ්ඩුව එය වටහාගෙන ජනතාවාදී පියවර ගත යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කළා.

පුවත යවන්න