“දැන් ඇති කියා එක්ව නැගී සිටිමු” / රොෂාන් මහනාමගෙන් පණිවිඩයක්

ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගී සිටින ලෙස මෙරට හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ සදහන් කළේ අදූරදර්ශී දේශපාලනඥයන් නිසා රටට සිදුව ඇති හානි පිළිබද කණගාටුවට පත්ව සිටින බවයි.

“දැඩිව කලකිරුණු හදින් මේ සටහන තබන්නේ, මගේ රට අදූරදර්ශී පාලකයන් නිසා මේ මොහොතේ පවතින ආර්ථික අවපාත තත්ත්වය දැකිමෙන්. මෙකී පාලකයන්ට වඩා මම මගේ රටට ආදරය කරන සහ දේශප්‍රේමී මිනිසෙකු යැයි මා ආඩම්බර වන්නේ අවස්ථාව ලැබී තිබියදීත් මම මෙරටින් පිට නෙවෙී සිටින නිසායි.

මම මේ මොහොතේ ඔබ සැමගෙන් ඉල්ලා සිටින්නේ ජාතිය, ආගම, දේශපාලන පක්ෂය සහ විශ්වාස පසෙකලා එක්ව රටක් ලෙසින් නැගී සිටින ලෙසයි. මේ අප එක්ව එක හඬින් “දැන් ඇති!” කියා කිය යුතු මොහොතයි.

මා මෙරටේ මිනිසුන් සමග එක්ව නැගී සිටින අතර, මගේ ලස්සන මවු රට මේ අඳුරින් මුදවා ගෙන අනාගත පරපුරට සාමකාමී වටපිටාවක් ඇති කිරීමේ පොදු අරමුණින් මේ වෙනුවෙන් වෙහෙසෙමි.”

පුවත යවන්න