දින 14ක සංචරණ සීමා අත්‍යවශ්‍යයි / විශේෂඥ වෛද්‍යවරුත් රජයෙන් ඉල්ලයි

ලබන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දිනක 14ක් අඛණ්ඩ සංචරණ සීමා පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, පසුගිය සතිවල දින කිහිපයක් පමණක් සංචරණ සීමා පැනවීමට ගත් තීරණය කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති තත්ත්වයක් බවයි.

“පසුගිය දිනවල කරපු දින තුනේ කරපු ලොක් ඩවුන් එක එක්තරා විදියකින් වැඩක් නැති දෙයක්. ඒක අත්හදා බැලීමක් වුණාට විද්‍යාත්මක පසුබිමක් නෑ. රජයෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා අඟහරුවාදා අරින්න එපා. එහෙම වුණොත් මේ දවස් 5න් ගන්න ප්‍රයෝජනය නැතිව යනවා. ඒ නිසා මේක ගෙනියන්න දවස් 14ක් අවම වශයෙන්. ඉදිරියේ දී මියයන ගණන 100 ගණනක් වෙන්න පුළුවන්.“

පුවත යවන්න