වර්තමානයේදී ජනතාවගේ ඡන්දයෙන් බලයට එන පාලකයෝ පොහොසත් වී පිටරටවල මුදල් එකතු කිරීම හා ව්‍යාපාර ආරම්භ කිරීම සිදුකරන බවත් මෙම දූෂිත ක්රමයේ වරද පෙනෙන්නට ගත්තේ පාස්කු ප්‍රහාරය යට ගැසීමට දැරූ උත්සාහය තුළින් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ප්‍රකාශ කරති.
මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඉතාලියේ පාදුවා නුවර පිහිටි ශුද්ධ වූ අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානයේ දී අද (01) පැවැත්වූ විශේෂ දිව්‍ය පූජාවට එක්වෙමිනි.
මැතිවරණය ජයග්‍රහණය කිරීමේ චේතනාවෙන් ඇතැමුන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබුණු තොරතුරු සැඟවූ බවත්, එහිදී හිටපු ජනාධිපතිවරයාගේ සිට ආරක්ෂක අංශ භාරව හිටපු නිලධාරීන්ද තමන්ගේ වගකීම් පැහැර හැර ඇති බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති.
මැතිවරණය වෙනුවෙන් ‘අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා’ කියලා කියන්න ඕනකම තිබූ නිසා ඔවුන් ඒ දේ කළ බවද කාදිනල්තුමෝ සඳහන් කරති.
එවැනි චේතනාවක් නොතිබුණේ නම් මෙවැන්නක් වීමට යන බව හා ඉන් ආරක්ෂා වන ලෙස දැනුම්දීමට තිබූ බව කී කොළඹ අගරදගුරුතුමෝ දේශපාලනඥයන් හා නිලධාරීන් පමණක් තමන් අතර ලියුමක් හුවමාරු කරගෙන ආරක්ෂා වී අහිංසක මිනිසුන්ව බිලි දුන් බවද එහිදී පැවසූහ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වසර තුනක් යුක්තිය ඉල්ලූ නමුත් ශ්‍රී ලංකා පාලකයන්ගෙන් කිසිම සාධාරණයක් ඉටුනොවූ නිසා ජාත්‍යන්තරයට ඒමට සිදුවූ බව කී කොළඹ අගරදගුරුතුමෝ “අපිට රටේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා උදව් ඉල්ලීමත් මෙහි අරමුණක්” බව කියා තිබේ. පාස්කු ප්‍රහාරය සම්බන්ධව බොහෝ දෙනෙක් දැන සිට ඇති නමුත් ඡන්දය දිනාගැනීමේ අවශ්‍යතාවය නිසා එය සිදුවීමට ඉඩ හැර ඇතැයිද කාදිනල්තුමෝ එහිදී සඳහන් කර ඇත.
දේශපාලනඥයන් සමාජය පිරිහීමට හැර දූෂණය රජ කරවීම මෙන්ම නීතිය වල් වදින්න සැලැස්වූ බව සඳහන් කර ඇති කොළඹ අගරදගුරුතුමෝ නීතියේ ඉහළම නිලධාරියා ජනාධිපති ධුරයෙන් පත්කරන අයෙක් නිසා ඔහුට අවශ්‍ය පරිදි කටයුතු කරන්නට ලැබී ඇතැයිද පවසති.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් දෙදෙනකුට විරුද්ධව නඩු දමා නඩුව දියාරු කර ඔවුන් නිදහස් කරන්නට ඉඩ සැලසූ බවත් ශ්‍රී ලංකාව නව ගමනක් වෙත යොමු කරන්නට අවශ්‍ය ශක්තිය රටේ මිනිස්සුන්ට දෙන්නැයි යාඥා කරන බවත් කාදිනල්තුමෝ එහිදී ප්‍රකාශ කර තිබේ.