දෙමටගොඩ ප්‍රදේශයෙන් හමුවූ ඉන්දීය ඩෙල්ටා කොරෝනා ප්‍රභේදයට ගොදුරු වුණ රෝගීන් 5 දෙනා සම්බන්ධව සෞඛ්‍ය අංශ විශේෂ විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඒ මේ පිරිසට මෙම දරුණු වෛරසය ආසාදනය වුනේ කුමන ආකාරයෙන් ද යන්න හෙළි කර ගැනීමටයි.
දෙමටගොඩ ආරමය පෙදෙසින් හදුනාගත් ඉන්දීය ඩෙල්ටා කොරෝනා වෛරස ප්‍රභේදය වැළදුනු ආසාදිතයින් පස් දෙනා මෙරට සමාජයෙන් එම වෛරසයට ගොදුරු වූවන් ලෙස හදුනාගත් පළමු පිරිස වනවා. එම වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය ඉතා සීඝ්‍ර බවත් ඊට ගොදුරු වන්නන් අසාධ්‍ය මට්ටමට පත්වීමේ ප්‍රවණතාව ඉහළ මට්ටමක පවතින බවත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.
මෙම ආසාදිතයින් පිළිබද සිදුකළ මුල් පෙළේ පරීක්ෂණ සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මෙසේ කරුණු පැහැදිලි කළා.