සාමාන්‍ය ජනතාවට අනතුරක් කරන හෝ හානි කරන, සමාජ විරෝධී ක්‍රියාවල නිරත වන, දේපළවලට හානි සිදු කරන අයට එරෙහිව අවශ්‍ය බලය යෙදවීමට පොලිසිය සහ සන්නද්ධ හමුදාවන්ට බලය ලබාදී ඇතැයි ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.
ඇතැම් කණ්ඩායම් යටි අරමුණු සහිතව ක්‍රියාත්මක වෙමින් සාමාන්‍ය ජනතාව ප්‍රකෝපකාරී ක්‍රියාවන්වලට පොළඹවාගැනීමට උත්සාහ කරනු ඇති බවද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.