දේශපාලකයන්ගේ කාර්ය මණ්ඩලවලට පුත්තලමේ එන්නත් දීලා / සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි

නියමිත එන්නත්කරණ ක්‍රමවේදයෙන් බැහැරව ඇතැම් දේශපාලඥයින්ගේ පෞද්ගලික කාර්යමණ්ඩල සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ සිදුවීමක් පුත්තලම දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ අදාළ සිදුවීම සහ වයඹ පළාත් තුළ සිදුකරන එන්නත්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක්  සිදුකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරන බවයි.

“මේ ලැබුණු එන්නත් තොගය මේ රටේ මරණ අඩුකර ගැනීමට සහ රෝගීන් අඩුකර ගැනීමට භාවිත කරනවා වෙනුවට දේශපාලකයින්ගෙන් යම් යම් උපකාර ලබා ගැනීමට ඇතැම් සෞඛ්‍ය බලධාරීන් විසින් භාවිත කරන ආකාරය පේන්න තියෙනවා. වයඹ පළාත තුළ එන්නත් කිරීමේ ක්‍රියාවලිය මේකට හොඳ උදාහරණයක්. ඊයේ අපිට වාර්තා වුණා ඇතැම් දේශපලකයින්ගේ පෞද්ගලික කාර්යමණ්ඩලට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල තුළ එන්නත් ලබා දෙනවා පුත්තලම දිස්ත්‍රික්කයේ.”

පුවත යවන්න