දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත බැදිගම පිවිසුමේ දී හිටපු අමාත්‍යවරයකුගේ පුතකු සහ ඔහුගේ බිරිඳ පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වදින වීඩියෝවක් සමාජ මාධ්‍ය පුරා ප්‍රචාරය වෙමින් පවතිනවා.
මෙම තරුණයා ඊයේ (1) පස්වරුවේ අවදානම් සහගත ලෙස ශීත කරණයක් අධිවේගී මාර්ගය ඔස්සේ රැගෙන යාමට උත්සහ කිරීමේ දී පොලිස් නිලධාරියකු ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කර පරීක්ෂා කිරීම සදහා මෝටර් රථය පිටුපස ගන්නා ලෙසට කළ දැනුම් දීමට උරණවූ එම පුද්ගලයා සහ ඔහුගේ බිරිද පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන වැදි තර්ජනය කර ඇතැයි පොලිසිය සදහන් කළා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාල පොලිස් කොස්තාපල්වරයා බෙලිඅත්ත පොලිසියට පැමිණිළි කිරීමෙන් අනතුරුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙම සිදිධියට මුල් වු තරුණයා සමගිජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිප් වෙදආරච්චි ගේ පුත්‍රයා බවයි පොලිසිය සදහන් කළේ.
SJB MP Dilip Wedaarachchi’s son scolds police officers at the Weeraketiya-Bedigama interchange on the Southern Expressway. #Lka pic.twitter.com/xryQlYRNcE
— Manjula Basnayake (@BasnayakeM) June 2, 2022