කොරෝනා වයිරසයේ ඩෙල්ටා ප්‍රබේදය නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයෙන් පිට පළාත්වලට ද පැතිරගොස් තිබෙනවා.ඒ හේතුවෙන් එම පළාත් ද වසාදැමීමට සිදුව ඇති බවයි නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා අර්ඩන් පවසන්නේ. අද දිනයේ ඕක්ලන්ඩ් නගරයෙන් ඩෙල්ටා ප්‍රබේදය ආසාදිතයින් තිස් දෙදෙනෙකු හමුව තිබෙනවා. පසුගිය අගෝස්තු මාසයේ සිට ඕක්ලන්ඩ් නගරය වසාදමා ඇති අතර මේ වනවිට වාර්තාවී ඇති ඩෙල්ටා ආසාදිතයින් සංඛ්‍යාව 1,328 ක්. මේ දක්වා ලෝකයේ කොරෝනා වසංගතය පාලනය කළ සාර්ථකම රටක් බවටයි නවසීලන්තය පත්ව තිබුණේ. කෙසේ වෙතත් නව තත්ත්වය මගින් ඊට අභියෝගයක් එල්ලවී තිබෙනවා. –