නව අගමැතිට එරෙහි පෙත්සම් ලබන 30 වනදා විභාගයට

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරය දැරීමට එරෙහිව හා නව අමාත්‍යවරුන් එම ධූරවල කටයුතු කිරීමට එරෙහිව ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි දේශපාලන පක්ෂ කිහිපයක් ගොනුකළ පෙත්සම් ලබන 30 දා හා 03 දා සලකා බැලීමට අභියාචනාධිකරණය අද තීන්දු කළා.

මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් සහිතව මෙම පෙත්සම අභියාචනාධිකරණයට පසුගියදා ඉදිරිපත් කරනු ලැබ තිබුණා.
ඊට එක්සත් ජාතික පක්ෂය/ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ඇතුලත්.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල හමුවේ අද පෙත්සම් විභාගයට ගත් අතර වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කර නොමැති නිසා පෙත්සම ලබන 30 වනදා කැදවීමටයි නියෝග කෙරුණේ.