නව අගමැති පත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධීකරණයට පෙත්සමක්

 රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් නෙරපා ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන්’ ඉල්ලා පූජ්‍ය දඹර අමිල හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ වගඋත්තරකරුවන් 33 දෙනකු නම් කරමිනුයි. ඒ අතරට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ/ වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන් හා නීතිපතිවරයා ඇතුලත්.

පෙත්සම්කාර දඹර අමිල හිමියන් තම පෙත්සමේ දක්වා ඇත්තේ ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදනය උල්ලංඝනය කරන්නක් වන බවයි.

මේ හේතුවෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් එමගින් ඉල්ලා තිබෙනවා,