නව ආණ්ඩුවේ අගමැතිට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

නව ආණ්ඩුවේ අගමැති ධූරය දරන මහින්ද රාජපක්‍ෂ මහතාට හා ඇමැතිවරන්ට එම තනතුරු දැරීමට නොහැකිබව ප්‍රකාශ කරමින්  ක්වෝ වොරොන්ට්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා එක්සත් ජාතික පෙරමුණ අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විශ්වාසභංගයට සහාය දුන් මන්ත්‍රීවරු 122නකු මේ සදහා පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත්වීමට එකගතාවය පලකර ඇති බවයි.

ලබන සතියේ පෙත්සම්වලට අදාළ කරුණු අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් කරන බවද අජිත් පී පෙරේරා මහතා අරලිය ගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියා.