නව කොරෝනා ආසාදිතයන් 1,286 ක් අද දිනයේ හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 643,072 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මේ අතර කොරෝනා ආසාදිත වූ තවත් රෝගීන් 26 දෙනකු ඊයේ (24) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,142 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 20 දෙනකු සහ අවුරුදු 20 ත් 59 ත් අතර 6 දෙනකු වනවා.
මීට පුද්ගලයන් 13 දෙනකු සහ කාන්තාවන් 13 දෙනකු ඇතුලත්.