නාඳුනන පිරිසක් පාර්ලිමේන්තුවට ඇවිත් / මන්ත්‍රීවරු බිය පළ කරයි

අද දින ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අවසන් කර පාර්ලිමේන්තු සභා ගර්භයට මන්ත්‍රීවරුන් පිවිසෙන අවස්ථාවේදී පාර්ලිමේන්තුව තුළ නාදුනන පිරිසක් විසින් කුඩා ජංගම දුරකථන වැනි වීඩියෝ උපකරණ රැගෙන මන්ත්‍රීවරුන් වීඩියෝ කරන අයුරු තමන් දුටු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී දොලවත්ත පවසනවා.

ඔහු පවසන්නේ මෙම පුද්ගලයින්ට පාර්ලිමේන්තුව තුළ ඕනෑම ස්ථානයක් බාධාවකින් තොරව වීඩියෝ ගත කත කළ හැකි තත්ත්වයක් තමන් දකින බවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ වන විට මතුව ඇති අනාරක්ෂිත තත්ත්වයක් සමඟ මෙය ඔවුන්ගේ ආරක්ෂාවට බරපතල ලෙස බලපෑම් කරන්නක් බවයි ඔහු අද පාර්ලිමේන්තුව හමුවේ කතානායකවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ.

වහාම මේ පිළිබඳව සොයා බලන ලෙසත් ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු වාර්තාකරණයේ යෙදෙන ජනමාධ්‍යවේදීන් භාවිත කරන සම්මත තත්ත්වයේ රූපවාහිනි කැමරා හෝ ජංගම දුරකථන ඔවුන් භාවිත නො කළ බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

පුවත යවන්න