නාමල් කුමාරගේ නාම යෝජනා ගැන පොහොට්ටුව කියන කතාව

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ බව කියන නාමල් කුමාර නැමැත්තාට පොදුජන පෙරමුණෙන් නාම යෝජනා හිමිවන බවට ඔහු විසින් සිදුකළ ප්‍රකාශයට එම පෙරමුණ ප්‍රතිචාර දක්වා තිබෙනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම පෙරමුණ පවසන්නේ මෙතෙක් නාම යෝජනා ලබාදීම ගැන පොදුජන පෙරමුණ කිසිදු තීරණයක් ගෙන නොමැති බවයි.