කොළඹ වරායෙන් පිටත නැංගුරම්ලා ඇති MV X-Press Pearl නෞකාවේ ගින්න නිවීම සඳහා බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටරයක් යෙදවූ බව ගුවන් හමුදා ප්‍රකාශකවරයා පවසනවා.
මේ අතර සමුද්‍රීය පරිසර හානිය වළක්වා ගැනීම සඳහා නෞකාව නාවික සැතපුම් 50ක් දුර, ගැඹුරු මුහුදට රැගෙන යාමට තීරණය කර තිබුණා.
නෞකාවේ බහළුමක පිපිරීමක් සිදුව ඇති බව අද (25) උදෑසන වාර්තා වූ අතර නාවික හමුදා ප්‍රකාශකවරයා පැවුසවේ, නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 25 දෙනා ආරක්ෂිතව ඉවත් කර ගත් බවයි.
මේ අතර පසුගිය 21 වනදා ද නෞකාවේ ගින්න පාලනය කිරීම සඳහා බෙල් -212 හෙලිකොප්ටර යානයක් යොදවා තිබෙනවා.
එහිදී 212 හෙලිකොප්ටර යානය මගින් ගින්න නිවීම සඳහා වියළි රසායනික ද්‍රව්‍ය කුඩු කිලෝ 425 ක් සාර්ථකව පහතට හෙළා තිබුණා.
ඉන්දියාවේ හසීරා වරායේ සිට පැමිණ ඇති මෙම නෞකාවේ නයිට්‍රික් ඇසිඩ් ටොන් 25 ක් සමග වෙනත් රසායනික ද්‍රව්‍ය සහ රූපලාවන්‍ය ආලේපන ද්‍රව්‍ය සහිත බහාලුම් 1486 ක් ප්‍රවාහනය කරමින් තිබූ බවයි හෙළිකර ඇත්තේ.