නියෝමාල් රංගජීව යළි සේවයේ පිහිටුවයි

වැලිකඩ බන්ධනාගාරය තුළ දී 2012 වසරේ රැඳවියන් 27 දෙනකු ඝාතනය  කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ  අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ඊයේ දිනයේ සිට යළි සේවයේ පිහිටුවා තිබෙනවා.

ඇප ලැබිමෙන් පසු යළි සේවයේ පිහිටු වන ලෙස ඉල්ලා ‍නියෝමාල් රංගජීව මහතා ඉදිරිපත් කර තිබූ අභියාචනයක් සැලකිල්ලට ගෙනයි පොලිස්පතිවරයා මෙම පියවර ගෙන ඇත්තේ.