නිරෝධායන නීති කඩා, පානදුරේ මංගල උත්සවයක් /20ක් නිරෝධායනයට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පානදුර, පල්ලෙමුල්ල ප්‍රදේශයේදී විවාහ මංගල උත්සවයක් පැවැත්වූ පුද්ගලයින් 20 දෙනෙකු නිරෝධායනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, එ‍ම පිරිස අදාළ ස්ථානයේදී ම නිරෝධායනය කර ඇති බවයි.

දින 14 ක නිරෝධායන කාලය අවසන් වූ පසු ඔවුන්ට එරෙහිව නඩු පවරනු ඇති.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, නිරෝධායනයට ලක් කළ පිරිස අතර පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු සහ කාන්තවන් 8 දෙනෙකු සිටින බවයි.

තව ද තවත් පිරිසක් එම ස්ථානයේ සිට පිටව ගොස් ඇති බවට අනාවරණය වී ඇතැයි , ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

නිරෝධායන රීතින්ට පටහැනිව විවාහ මංගල්‍යක් සිදු කරනබවට ලද තොරතුකට අනුව පානදුර උතුර කොසෙල්වතත පොලීසිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමග ගොස් මෙම වැටලීම සිදු කර තිබෙනවා.

පුවත යවන්න