නිල රථයකින් පැමිණ වෛද්‍ය සිසුන්ට පහර දුන් මැරයන් ගැන විමර්ශන

රාගම වෛද්‍ය පීඨයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ අද අලූයම සිදු වූ ගැටුමකින් වෛද්‍ය සිසුන් සිවු දෙනකු තුවාල ලැබීම පිළිබද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

තුවාල ලැබූ වෛද්‍ය ශිෂ්‍යයින්ගෙන් තිදෙනකු උතුරු කොළඹ  ශීක්ෂණ රෝහලටත් එක් අයෙක් මීගමුව දිස්ත‍්‍රික්  රෝහලටත් ඇතුලත් කර ඇතැයි පොලිසිය සදහන් කළා.

ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර ගැටුමකදී එක් කණ්ඩායමකට සහාය දැක්වීම සඳහා පිටස්තර පුද්ගලයන් 15 දෙනකු පමණ පැමිණ  ඇති බවට වාර්තා පවතින අතර  එසේ පිටතින් පැමිණි පිරිස අතර සිටි රාජ්‍ය අමාත්‍යවරයකුගේ රියදුරු බව කියන පුද්ගලයකු සහ නිල රථයක් සිසුන් විසින් සිය භාරයට ගෙන පොලිසියට භාරදී තිබුණා.

පිටතින් ආ පිරිස රජයේ ප්‍රබලයකුගේ  ආධාර කරුවන් බව ද ආරංචි මාර්ග අනාවරණ කළා.

පිටස්තර කණඩායම විසින් ගැටුමෙන් පසු රැගෙන ගිය සිසුවා මීගමුව දිස්ත‍්‍රික් රෝහලටත් තුවාල ලැබූ සිසුන් තුන්දෙනා උතුරු කොළඹ ශික්ෂණ රෝහලටත් ඇතුලත් කර තිබුණා.

පුවත යවන්න