නි. කතානායක ඉල්ලා අස්වීම, ඉල්ලා අස්කරගනී

තමන් තවදුරටත් නියෝජ්‍ය කතානායක ධුරයේ රැඳී සිටින බව රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.
සියඹලාපිටිය මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසුවේ, පැන නැගී ඇති අභියෝගය හමුවේ ජනතා පරමාධිපත්‍ය හා ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා තවදුරටත් ධුරයේ රැඳී සිටින ලෙස ජනාධිපතිවරයා සිදු කළ ඉල්ලීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඉවත දැමිය නොහැකි වූ බවයි.

කෙසේ වෙතත් තමා කොන්දේසි 2 ක් මත තවදුරටත් නියෝජ්‍ය කථානායක තනතුරේ රැඳී සිටිමට තීරණය කළ බව ඔහු පැවසී ය.

ඒ අනුව නියෝජ්‍ය කතානායකවරයා තවදුරටත් ධුරයේ රැඳී සිටිමේ කොන්දේසි 2ක වන්නේ,

🔺අප්‍රේල් මස අවසානය දක්වා පමණක් ධුරයේ රැඳී සිටීම.

🔺ඉල්ලා අස්වීම භාර දුන් අප්‍රේල් 5 වනදායින් පසු නියෝජ්‍ය කතානායක ධුරයට හිමි වරප්‍රසාද කිසිවක් භාවිත නොකිරීම හා එසේ භාවිත කළ හොත් ඒ සඳහා තමාගෙන් අය කිරිමක් කරගන්නා ලෙස ගණකාධිකාරීවරයාට නියෝග කිරීම.

පුවත යවන්න