පකිස්ථානයේ වාසය කළ කබල්ලෑවන්ගෙන් සියයට 80ක් කෙටි කලක් තුල අතුරුදන්ව තිබෙනවා.
යාහූ පුවත් සේවය පවසන්නේ , චීනය මුල් කර ගනිමින් සිදුකරන කබල්ලෑවන් අලෙවි කිරීමේ ජාවාරමක් මෙම ව්‍යසනයට හේතුවී ඇති බවයි.
ඒ අනුව නීති විරෝධීව මෙම සතුන් ඝාතනය කර හෝ අල්ලා අලෙවි කර ඇති බව හෙලිව තිබෙනවා.
ඉස්ලාමාබාද්හී වනසත්ව ආරක්ෂණ ඒකකය පවසන්නේ , මෙය හානිකර පාරිසරික තර්ජනයක් බවයි.
මෙම ක්‍රියා සදහා දායකත්වය ලබා නොදෙන ලෙසද එම ඒකකය පකිස්ථාන වැසියන්ට අනතුරු අගවා තිබෙනවා.