කොරෝනා අවදානම උත්සන්නවීම සමග පකිස්ථානයද ඔක්සිජන් හිඟයක් ඇතිවීමේ අවධානමකට මුහුණ පා තිබෙනවා.
ඒ අසාධ්‍ය මට්ටමේ කොරෝනා ආසාදිතයන් වර්ධනයවීම සමගයි.
වර්ධනය වෙමින් පවත්නා ඔක්සිජන් ඉල්ලුම සැපයීම අර්බුධයක පවතින බවයි නිෂ්පාදකයන් මේ වන විට දන්වා ඇත්තේ.
මේ වන විටත් ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක් මෙම උග්‍ර මට්ටමේ අවදානමට ලක්ව සිටිනවා.
එය පකිස්ථානයද බිලි ගැනීමට ආසන්න බවයි මෙම වාර්තා පවසන්නේ.