පාකිස්තානයේ මූල්‍ය ණය අඛණ්ඩව ඉහළයමින් පවතින බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ අනුව 2021 වසරේ මුල් මාස කිහිපය තුල පමණක් ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක විදේශ ණය පකිස්ථානය විසින් ලබාගෙන ඇති බවයි එම වාර්තා පවසන්නේ.
එක්ස්ප්‍රස් ට්‍රිබියුන් පුවත්පතට අනුව, පකිස්ථාන ආර්ථික කටයුතු අමාත්‍යාංශය වාර්තා කළේ 2020-/21 මුදල් වර්ෂයේ ජූලි- -ජනවාරි කාලය තුළ රජය විවිධ මූල්‍ය මූලාශ්‍රවලින් ඇමරිකානු ඩොලර් බිලියන 6.7 ක බාහිර ණය ලබාගෙන ඇති බවයි.
ඒ අනුව පකිස්ථානය ණය උගුලක පැටලෙමින් පවතින බවද එම වාර්තා පෙන්වා දෙනවා.
පකිස්ථානයේ ණය චීනය හරහා ලබා ගැනීම පිළිබද අඅවධානය යොමුකරමිනුයි ඉන්දීය මාධ්‍ය මේ බව හෙලිකර ඇත්තේ.