පකිස්ථානයේ නීතිය හා සාමය ගැන පුවත්පතකින් චෝදනා

බුද්ධි අංශවල අසාර්ථකත්වය පාකිස්තානයේ නීතිය හා සාමය බිඳ වැටෙමින් පවතින බවට පකිස්ථාන් ටුඩේ වෙබ් අඩවිය චෝදනා එල්ල කර තිබෙනවා.
පකිස්තාන් ටුඩේ කතුවැකියකට අනුව, මෑතදී එල්ල වූ ප්‍රහාරයන් රට තුළ ත්‍රස්තවාදී පුනර්ජීවනයේ පැහැදිලි සලකුණු ලෙසයි නම් කර ඇත්තේ.
පසුගිය සෙනසුරාදා පකිස්ථානයේ ග්වාඩර් දිස්ත්‍රික්කයේ දී නාවික හමුදා වාහනයකට එල්ල වූ ප්‍රහාරයෙන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු මරණයට පත්ව තිබුණා.
පාකිස්තාන හමුදාවට මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන සේවකයින් ද ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ලවන බවයි එම පුවත්පත පවසන්නේ.
කෙසේ වෙතත් පකිස්ථානය ත්‍රස්තවාදයට එරෙහිව උපරිම පියවර ගන්නා බව පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා අවධාරණය කර තිබෙනවා.

පුවත යවන්න