සෑම දිශාවකටම සාමයේ අත දිගු කිරීමට කාලය එළම ඇති බව පකිස්ථාන හමුදාපති ජෙනරාල් කමාර් ජාවෙඩ් බජ්වා පවසනවා.
පාකිස්තාන ගුවන් හමුදා ඇකඩමියේ පැවති උපාධි ප්රදානෝත්සවයකදී ජෙනරාල් බජ්වා ප්‍රකාශ කළේ පාකිස්තානය සහ ඉන්දියාව ද ජම්මු හා කාශ්මීරයේ ගැටළුවකට සාමකාමී විසදුමක් සෙවීමට එකඟ විය යුතු බවයි.
පාකිස්තානය ,කලාපීය හා ගෝලීය සාමය උදෙසා විශාල පරිත්‍යාගයන් කළ දේශයක් බවයි පකිස්ථාන හමුදාපතිවරයා පවසන්නේ.
සාමය වෙනුවෙන් පකිස්ථානය දිගු කරන දෑත දුර්වලතාවයක් ලෙස වටහා නොගත යුතු බවයි ඔහු අවධාරණය කළේ.
සෑම තර්ජනයක් මැඩපැවැත්වීමට පාකිස්තාන ත්‍රිවිධ හමුදාවට පූර්ණ හැකියාවක් ඇතැයිද පකිස්ථාන හමුදාපතිවරයා පැවසුවා.