පලා ගිය කොරෝනා ආසාදිතයකු සෙවීමට මහජන සහාය ඉල්ලයි

බොරැල්ල , මැගසින් පාර ලිපිනයේ පදිංචි 28 හැවිරිදි කොරෝනා ආසාදිතයෙකු පලාගොස් ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, අදාළ පුද්ගලයා කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් පසු ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා රැගෙන යාමට සෞඛ්‍ය අංශ සමග පොලීසිය එම ස්ථානයට යන අවස්ථාවේදී නිවසින් පළා ගොස් ඇති බවයි.

ඔහු සොයා ගැනීමට පොලීසිය මහජන සහය පතන අතර ඒ සම්බන්ධ තොරතුරු ලබා දීමට 0718 591 587 හා 011 269 40 19 යන දුරකථන අංකවලට ඇමතිය හැකි බව ද පොලීසිය දැනුම් දෙනවා.

පුවත යවන්න