පස්සර දී අනතුරට පත් බස් රථය කාලසටහනත් උල්ලංඝනය කරලා

මගීන් 14 දෙනෙකුට මරු කැඳවමින් පසුගියදා පස්සර 13 කණුව ප්‍රදේශයේදී පසුගිය දා අනතුරට ලක් වූ බස් පෞද්ගලික බස් රථය එදින ධාවනය කර ඇත්තේ නියමිත කාලසටහන උල්ලංඝනය කරමින් බව අනාවරණය වී තිබෙනවා.
ඒ අදාළ අනතුර සම්බන්ධයෙන් ජාතික ගමනාගමන කොමිසමේ ත්‍රි පුද්ගල කමිටුව සිදුකළ විමර්ශනයට අනුවයි.
මේ වනවිට එම වාර්තාව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ වෙත භාර දී තිබෙනවා.
බස් රථය නියමිත වේලාවට පෙර ලුණුගලින් ගමන් ආරම්භ කර ඇති බවයි එහි දක්වා ඇත්තේ.
කාලසටහනට අනුව අදාළ බස් රථය සිද්ධිය වූ දිනයේ පස්වරු 6,50 ට ගමන් ආරම්භ කළ යුතු වුවද එදින උදෑසන 6.30 ට ලුණුගලින් කොළඹ බලා පිටත්ව ගොස් තිබුණා.
ජාතික ගමනාගමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩෝ සඳහන් කළේ අනෙක් බස් රථය නොමැති නිසා මෙලෙස අනතුරට ලක්වූ බස් රථය එදින උදෑසන මෙලෙස ගමන් ආරම්භ කර ඇති බවයි.

පුවත යවන්න