පහසුකම් නැතිව රෝගීන් නිවෙස්වල තැබීම විශාල අවදානමක්

කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ රදවා ප්‍රතිකාර කිරීම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ ගැටලු පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ රදවා අධීක්ෂණය කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල ප්‍රමාණවත් පහසුකම් නොමැති බවයි.

මේ තත්ත්වය මත රෝගීන් නිවෙස් තුළ මියයාමේ අවදානමක් පවතින බවයි ඔහු පවසන්නේ.

අවශ්‍ය යටිතල පහසුකම් සපයා දෙන්නේ නම් පමණක් කොරෝනා ආසාදිතයින් නිවෙස් තුළ රැකබලා ගැනීම සුදානම් බවයි උපුල් රෝහණ මහතා සදහන් කළේ.

එසේ නොමැතිව මෙවැනි පියවරක් ගැනීමෙන් අවාසනාවන්ත තත්ත්වයක් උදා වියහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

පුවත යවන්න