පළාත් අතර සංචරණ සීමා පිළිබද පොලිසිය විශේෂ දැනුම් දීමක් සිදුකර තිඛෙනවා.
මංගල සහ අවමංගල උත්සව සදහා පළාත් අතර සංචරණය කිරීම සම්බන්ධව මෙහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කරුණු පැහැදිලි කළා
අවමංගල උත්සවයකට සහභාගි වීම සදහා පළාත් අතර ගමන් කිරීමේ අනුමත අනුමැතිය යටත්ව ළගම ඥාතීන්ට පමණක් සහභාගි විය හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
එමෙන්ම මංගල උත්සවයක් සදහා සහභාගී වීමේදී මනාලයා සහ මනාලිය පළාත් දෙකක නම් ඔවුන්ට පළාත් අතර ගමන් කිරීමට අවස්ථාව හිමිවන අතර ඔවුන්ගේ දෙමාපියන්ට ද එම අවසරය හිමිවන බව ද අජිත් රෝහණ මහතා සදහන් කළා.