ප්‍රබල පිල් මාරුවක් අත ළඟ – විශේෂ සාකච්ජාවක් පවත්වලා

අද දිනය තුල තීරණාත්මක දේශපාලන පිල් මාරුවක් සිදුවීමේ හැකියාවක් පවතින බව අතිශය විශ්වසනීය දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරනවා.
ඒ අනුව ඊට අදාළ විශේෂ සාකච්ජාවක් ඊයේ රාත්‍රියේ අරලිය ගහ මන්දිරයේදී සිදුව ඇති බවයි එම වාර්තා අනාවරණ කරන්නේ.
මේ සදහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මැති ඇමති කිහිපදෙනකු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ජා පවත්වා ඇති බවද අදාළ වාර්තා අනාවරණ කරනවා.
ඒ අනුව පාර්ලිමේන්තුවේ බහුතරය සෙවීමේ ජන්දයක් පැවැත්වුණහොත් විශේෂ පිල් මාරුවක් අද දිනයේදී සිදුවිය හැකි බවයි එම වාර්තා සදහන් කරන්නේ.