ප්‍රිසවරන්ස් රෝවරය සමග ගොඩගිය නාසා විද්‍යාඥ ස්වාති මෝහන්

නාසා ප්‍රිසවරන්ස් රෝවරය පසුගියදා අඟහරු වෙත ගොඩබස්වන අවස්ථාව ලෝකයේ දැඩි අවධානයකට ලක්ව තිබුණා.
ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එහි සජීවී විකාශය අන්තර්ජාලය ඔස්සේ නැරඹීමට ද සම්බන්ධව සිටියා.
යානය අඟහරු වෙත ගොඩබසින අවස්ථාවේ පෘථවියේ පිහිටි පාලක මැදිරියේ එක් තරුණියක් වැඩි අවධානයකට ලක්වූයේ ඇය එම මෙහෙයුම අවස්ථාවේ පාලක මැදිරියේ මෙහෙයුම් භාරව සිටීම මතයි.
ඒ අනුව යානයේ අවසන් මිනිත්තු 7ක බිහිසුණුම කාලය තුලද තත්ත්පර කිහිපයකට වරක් යානයේ තත්ත්වය අනාවරණ කරනු ලැබුවේද එම තරුණියයි.
මෙම මෙහෙයුම සාර්ථකවීම සමග පාලක මැදිරියේ කටයුතු භාරව සිටි ස්වාති මෝහන්ද ජාත්‍යන්තර මාධ්‍යයේ දැඩි අවදානයකට ලක්ව තිබෙනවා.
ඒ නාසා හී සාර්ථකතම හා නවතම අඟහරු ගවේෂණ මෙහෙයුමේ පාලක මැදිරි භාරකරු ලෙසයි.
ඉන්දීය සම්භවයක් සහිත ස්වාති මෝහන් අමෙරිකාව බලා , දෙමාපියන් සමග සංක්‍රමණයවී තිබුණේ අවුරුද්දක් වයසැතිව සිටියදී බවයි ගල්ෆ් ටුඩේ වාර්තා කළේ.
යාන්ත්‍රික හා අභ්‍යවකාශ ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධියක් ද, ගගනගාමී විද්‍යාව පිළිබද ආචාරය උපාධියක් ද සහිත ඇය ප්‍රිසවරන්ස් මෙහෙයුම සම්බන්ධයෙන් විශේෂඥ දැනුමකින් යුක්ත බවයි හෙළිකර ඇත්තේ.
මෙම මෙහෙයුමේ සාර්ථකත්වය සමග ස්වාති මෝහන්ට ජාත්‍යන්තර ප්‍රධාන මාද්‍ය ආයතන රැසකින්ම සාකච්ජා සඳහා ඇරයුම් ලැබී ඇත්තේ ඇය ලැබූ හදිසි ජනප්‍රියත්වය මතයි.

පුවත යවන්න