පානදුර මූලික රෝහල ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට අදාල පැමිණිලිකාර ගිලන් රථ රියදුරා අද (03) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසනවා.
සැකකරු 48 හැවිරිදි තිදරු පියකු බවත් , පළමු කසාදයෙන් වෙන්වී අනියම් බිරිඳ සමග හොරණ වවුලුගල ප්රදේශයේ පදිංචිව සිටින අතරතුර දැවැන්ත මත්කුඩු ජාවාරමකට සම්බන්ධව කටයුතු කර ඇති අයකු බවත් පොලිසිය අනාවරණ කළා.
පසුගියදා මෙම තැනැත්තාට වෙඩි තැබීමට තැත් කිරීම ද එම ජාවාරමට සම්බන්ධ ප්රධානියකුගේ මෙහෙයවීමක් බවයි අනාවරණ වී තිබුණේ.
මෙම සැකකරු ලොක්ඩවුන් සමය තුල ගිලන් රථය භාවිත කරමින් මත්කු-ඩු ප්රවාහනය කර පවතින බවද අනාවරණ වී තිබෙනවා.
කෙසේ වෙතත් දැවැන්ත මට්ටමේ මත්කුඩු තොගයක් පොලිස් අත්අඩංගුවට ගැනීම සඳහා ඔත්තුවක් ලබාදීම ජාවාරම්කාර ප්රධානියා මෙම ගිලන් රථ රියදුරු ඝාතනයට තැත් කිරීමේ ආසන්නතම හේතුව බවයි හෙළිව ඇත්තේ.