පාර්ලිමේන්තු සංකීර්ණය අසල මාර්ග බාධකයේදී පොලිස් නිලධාරීන් සහ යුධ හමුදා යතුරුපැදි සංචිතයට අනුයුක්ත හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු අතර හටගත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න මහතා කණගාටුව පළ කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පොලිස්පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව ඊයේ පරීක්ෂණයක් ද ආරම්භ කෙරුණා.
විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට ඇතුළුවීම වැළැක්වීම සඳහා පොලිස් බාධක යොදා තිබියදී යුද හමුදා යතුරුපැදි සංචිතය ඔවුන්ගේ යතුරුපැදි එදෙසට ධාවනය කිරීමට උත්සාහ කිරීමත් සමඟයි මෙම සිද්ධිය වාර්තා වුණේ.
මේ සම්බන්ධයෙන් කඩිනම් පියවරක් ගන්නා ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පොලිස්පතිවරයාගෙන් සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන්ද ඉල්ලීමක් සිදුකළා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, එම පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.