පාර්ලිමේන්තුව හෙට රැස්වීමේ තීරණයක්

පාර්ලිමේන්තුව හෙට දිනයේදී යලි රැස්වීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට පස්වරු 1යි 30ට පාර්ලිමේන්තුව රැස්වන බවයි කතානායක කාර්යාලය පවසන්නේ.
මේ අතර අද කතානායකවරයා සමග පැවැති පක්ෂ නායක රැස්වීමේදී පාර්ලිමේන්තුව 21 වනදා තෙක් කල් තැබීමට තීරණය නොකළ බවයි රාජිත සේනාරත්න මහතා මාධ්‍ය වෙත කියා සිටියේ.