පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 4 දෙනෙකු ස්වයං නිරෝධායනයට

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ  ආශ්‍රිතයන් වීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුවී තිබෙනවා.

ලක්ෂ්මන් කිරිඇල්ල, අශෝක් අබේසිංහ, හර්ෂ ද සිල්වා සහ තුෂාර ඉඳුනිල් යන මන්ත්‍රීවරුන් මෙලෙස, ස්වයං නිරෝධායනයට යොමුවී ඇති බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ලබන බදාදා කොරෝනා පරීක්ෂණයකට යොමුවීමට නියමිත අතර, ආචාර්ය හර්ෂ ද සිල්වා හෙට දිනයේදී කොරෝනා පරීක්ෂණයක් වෙත යොමුවීමට ද නියමිතයි.

විපක්ෂනායකවරයාගේ ආශ්‍රිතයන් බවට පත්වූ මන්ත්‍රීවරුන් හඳුනා ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සී සී ටීවී දර්ශන ද පරීක්ෂාවට කර කර තිබුණා.

පුවත යවන්න