පාස්කු ප්‍රහාරයේ සත්‍ය හෙළි කිරීමට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව අසමත්ව ඇතැයි හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ප්‍රහාරයේ වගකිවයුත්තන් හෙලිනොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ,එක රටක් එක නීතියක් වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමාන බවයි වික්‍රමසිංහ මහතා කොළඹදී රැස්වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ටයන්ගේ සාකච්ජාවකදී සදහන් කළේ.
පාස්කු ප්‍රහාරය එල්ල වූ දිනයේ ආරක්ෂක අංශ සියල්ල මෙහෙයවා දෙවෙනි සහ ඉදිරි ප්‍රහාර වැලක්වීමට ගත් පියවර කිසිවක් ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇතුලත් නොවන බවද හිටලු අගමැතිවරයා සදහන් කළා.
එක රටක් එක නීතියක් ක්‍රියාත්මක කිරීම මගින් බුදුදහමට දී තිබෙන ප්‍රමුඛස්ථානය අහෝසි කරන්නට ජනාධිපති කොමිෂන් සභා වාර්තාව නිර්දේශ කරන්නේ දැයි ප්‍රශ්න කළ රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම නිර්දේශ කරන ආකාරයට ජාතීන් වශයෙන් ඉඩම් බෙදීමක් ප්‍රායෝගිකව කරන්නේ කෙසේදැයි විමසා සිටියා.
මෙයට අමතරව දහම් පාසල් පාලනය යෝජනා කරන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමට දැයි රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රශ්න කර තිබෙනවා.
සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර අප්‍රේල් මස 9 වන දින රැස්වූ ආරක්ෂක මණ්ඩල රැස්වීමේදී ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් ලැබුණු කිසිදු තොරතුරක් පිළිබඳව කතා කළේ නැහැ.
සියලුම හමුදා ප්‍රධානීන්, රහස් පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් ඇතුළු රටේ ආරක්ෂාව සම්බන්ධ සියලු දෙනා රැස් වූ එම රැස්වීමේදී හෙළි නොකළ කරුණු ඊට පසුව සාකච්ඡා කරා දැයි සිතිය නොහැකියි.
ජනාධිපති විමර්ශන කොමිසම් වාර්තාවේ අලුතින් කිසිවක් සඳහන් කර නැහැ. එය නිකන්ම නිකන් එක රටක් එක නීතියක් ලෙස සඳහන් දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් වගේ.
උඩරට නීතිය අහෝසි කරන ජනාධිපති කොමිසම නිර්දේශ කරනවා. ජාතීන් වශයෙන් සලකා ඉඩම් බෙදීම ප්‍රායෝගිකද? දහම් පාසල් පාලනයක් ගෙන එන්න හදන්නේ බෞද්ධ කටයුතු කොමසාරිස් ධුරය අහෝසි කිරීමටයි