පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 05 කට විමර්ශන අරඹන ලෙස උපදෙස්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව පිළිබඳව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 17 වන පරිච්ඡේදය යටතේ නම්කර ඇති පුද්ගලයන් සම්බන්ධයෙන් අනාවරණය කර ගැනීම සඳහා විමර්ශනයක් කළයුතු බව නීතිපතිවරයා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම්දී තිබේ.

ඒම පිරිස වන්නේ’ අබු හින්ද්, ලුක්මාන් තාලිබ්, ලුක්මාන් තාලිබ් අහමඩ් හෙවත් අබු අබ්දුල්ලා, රිම්සාන් හා මහෙන්ද්‍රන් පුලස්තිනී හෙවත් සාරා ජස්මින් යන අයයි.

පාස්කු කොමිෂන් වාර්තාවේ ඇති සාක්ෂි අධ්‍යයනය කිරීම සඳහා නීති නිලධාරීන් 12 දෙනෙකුගෙන් යුත් විශේෂ කණ්ඩායමක් පත්කර ඇති බව ද නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනිය වැඩිදුරටත් සඳහන් කරයි. – Aruna

පුවත යවන්න