පැනමා පත්රිකා සම්බන්ධයෙන් චෝදනා එල්ලවී සිටින නිරූපමා රාජපක්ෂ ඊයේ රාත්රී කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් තහවුරු කර තිබෙනවා.
ඇය රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතීවරියක වන අතර අයථා මුදල් ගණුදෙනු සහ මූලාශ්ර ඉදිරිපත් කළ නොහැකි මුදල් වත්කම් සහ උපයා ගැනීම් පිළිබඳව සුප්රකට පැනමා පත්රිකා වල නම සදහන්වීමෙන් පසු , ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්රියාත්මක කරන බවටයි දැුනුම් දී තිබුණේ.