නයිජීරියාවේ සම්ෆාරා ප්රාන්තයේ පාසලකින් පැහැරගත් දැරියන් 317 දෙනෙකු සොාය එරට ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
බී බී සී පුවත් සේවය වාර්තා කළේ, වයස අවුරුදු 12 ත් 16 ත් අතර දැරියන් පිරිසක් සටන්කාමීන් විසින් මෙසේ පැහැරගෙන ඇති බවයි.
සිද්ධියෙන් කෝපයට පත්ව සිටින සම්ෆාරා හී ජනතාව කළහකාරී ලෙස හැසිරීම වැළැක්වීම සඳහා මෙම මෙහෙයුම් කඩිනම් කර තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ද දැරියන් මෙසේ පැහැරගෙන යාම හෙළා දැක තිබෙනවා.
නයිජීරියාවේ පාසල් සිසුවියන් කප්පම් ලබා ගැනීම හා ත්රස්ත ක්රියාකාරකම් වෙනුවෙන් අවස්ථා රැසකදී පැහැරගෙන ගොස් තිබෙනවා.
ඇතැම් දැරියන් ලිංගික වහලුන් ලෙස රදවා ගනිමින් පවතින බවද එම වාර්තා අනාවරණ කළා.