පිහියක් නෙවෙයි – කැඩුණු මයික්‍රෆෝනයක් / තෙවරප්පෙරුම කියයි

පාර්ලිමේන්තුවේ අද හටගත් ගැටුම්කාරී තත්ත්වය අවස්ථාවේ තමන් අත පැවැතියේ පිහියක් නොව කැඩී ගිය මයික්‍රෆෝනයක කොටසක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ තමන් අත පිහියක් තිබූ බවට ඇතැමුන් කරන චෝදනා අසත්‍ය බවයි.
මෙම ගැටුම අවස්ථාවේ තමන්ගේ ජංගම දුරකථනය අතුරුදන්ව ඇති බවයි තෙවරප්පෙරුම මහතා ප්‍රකාශ කරන්නේ.